දිවයිනේ සියලුම පාසල් සඳහා හෙට (05) දිනයේ සිට දෙවන වාර පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මීට පෙර දෙවන වාර පාසල් නිවාඩුව ලබා දීමට තීරණය කර තිබුණේ ඔක්තෝම්බර් 09 වැනි දා ය.
ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගෙන තිබෙනවා.
