ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පාසැල්, පෞද්ගලික උපකාරක පංති හා පිරිවෙන් හෙට (05) සිට ලබන සිකුරාදා දින තෙක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් පැවසීය.
ඒ, ගම්පහ දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත වූ කාන්තාවක් හමුවීම හේතුවෙන් ය.
එමෙන්ම, මේ වන විට දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස්බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.
