VIP ලයිට් හෙවත් ප්‍රභූ රථ සඳහා විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප්‍රතිපාදන නොමැති බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ පවසනවා. එමෙන්ම, යම් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, පවතින විදුලි පහන්වලට අමතරව අතිරේකව විදුලි පහන් සවි කිරීම නීත්‍යානුකූල නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.
ගිලන් රථ, ගිනි නිවන සේවා රථ සහ පොලිස් පෙර ගමන් රථ සඳහා පමණක් විශේෂ විදුලි පහන් සවි කිරීමට නීතියෙන් ප්‍රතිපාදන පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.
