Advertise with Giraya
NEWS

කොරෝනා ආසාදිත කාන්තාවක් ගම්පහ රෝහලෙන් හමුවෙයි

දිවුලපිටියේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ් – 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර ඇත.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂනයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

ඒ අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකු පමණ සහ එම කාන්තාව සේවය කළ පෞද්ගලික ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 40 දෙනෙකු පමණ මේ වන විට නිවාස නිරෝධායනයට ලක් කර ඇත. තවදුරටත් ආශ්‍රීතයින් සිටින අතර එම කාන්තාවට කොවිඩ් 19 ආසාදනයවූ ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතී.

Giraya News Alerts

මෙම ආශ්‍රිතයින් සම්බන්ධයෙන් ලැබෙන PCR පරීක්ෂණ ප්‍රථිපල මත තවදුරටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් මහජනතාවට නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් සැලකිල්ලෙන් පසුවන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top