පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල දී දැඩි චෝදනා එල්ල වූ පුද්ගලයින් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ ම නිදහස් කිරීම පිළිබඳව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය විමතිය හා අප්‍රසාදය පළ කර සිටිනවා.
එමෙන්ම, එම සිද්ධියේ වින්දිතයන් වූ ජනතාව මේ වන විට කැළඹීමට හා වේදනාවට පත්ව සිටින බවත් පාලකයින්ගෙන් ඔවුන්ට ලැබිය යුතු යුක්තිය හා සාධාරණත්වය ලැබේ යැයි ඔවුන් අපේක්ෂා කරන බවත් අගරදගුරුතුමන් පවසනවා.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේ, අද (03) දින පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.
එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් පළ කරමින් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, “මෙම ප්‍රහාරය නිසා අංගවිකල භාවයට පත්වූ සහ ප්‍රහාරයෙන් දැඩිසේ පිඩාවට පත්වූ ජනතාව අදත් මිගමුව ඇතුළු ප්‍රදේශවල ජිවත්වන බව පැවැසු කාදිනල් හිමිපාණන් මෙලෙස සැකකරුවන් සම්බන්ධයෙන් පවතින රජය නිසි තීන්දු තීරණ ගණිනු ඇති බවට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටිනවා.
මෑත කාලයේදී මෙම සිද්ධියට අදාලව නිදහස් කොට යැවු චෝදනා ලැබූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේ අනාවරණය කොට තිබු කරුණු හාත්පසින්ම වෙනස් කොට දැන් එම පුද්ගලයා නිදහස් කිරීම සම්බන්ධයෙන් දැඩි සේ විරෝධය පළකර සිටිනවා.
මේ සිදුවීම් සමග පිඩාවට පත්වූ ජනතාව අපෙන් ප්‍රශ්න කර සිටිනවා. මෙහි සිදුවන්නේ දේශපාලන ඩීල් එකක්ද කියා” යනුවෙන්.
