හැටන් කොටගල ක්රිස්වස්ෆාම් ප්රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන දිවියන රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්රභාෂ් කරුණාතිලක පැවසිය.
රාත්රී කාලයේ ඉතා සූක්ෂම අයුරින් නිවෙස්වලට පැමිණ සුරතලයට ඇති කරන සුනඛයින් කා දමන දිවියෙක් පිළිබඳව හැටන්, කොටගල ප්රදේශයෙන් වාර්තා විය.
හැටන් කොටගල තේ වතු ආශ්රිතව සැරිසරන මේ දිවියා රාත්රී කාලයේ නිවෙස් වෙත පැමිණීම නිසා භීතියට පත් ප්රදේශයේ ජනතාව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් තම ගැටළුව ඉදිරිපත් කරනු ලැබීය.
මේ අයුරින් නිවාස වලට පැමිණෙන දිවියා හැටන් කොටගල ප්රදේශයේ ඇතැම් පිරිස් මදු අටවා අල්ලා ගැනිමට මේ වන විට කටයුතු කරමින් සිටියි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන පහතින් දැක්වේ.
