නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ රථ වාහන 300කට අධික සංඛ්‍යාවක් රේගු භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගිය මාස කිහිපය තුළ එම රථ වාහන මෙරටට ආනයනය කර ඇති අතර ඒවායේ ණයවර ලිපි නිසි කළට විවෘත කර නොමැති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න සඳහන් කරයි.
රට තුළ පැවැති වාතාවරණය තුළ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම රජය විසින් සීමා කරන ලදි. ඒ අතර වාහන ආනයනය නොකිරීම මුල් තැනක් ගත් බව ද සුනිල් ජයරත්න ප්‍රකාශ කරයි.
එවැනි වාතාවරණයක් තුළ රජයේ සේවකයින්ට ලබාදී ඇති තීරුබදු රහිත පහසුකම යටතේ මෙරටට ආනයනය කළ සුඛෝපබෝගී මෝටර් රථ කිහිපයක් ද ඒ අතර වන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නා.
රට තුළ පවතින නීතිමය තත්ත්වය තුළ එම රථ වාහන රාජසන්තක කිරීමට පවා සිදු විය හැකි බවත් මේ පිළිබඳ පරික්ෂණ බොහෝදුරට අවසන් කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න කියා සිටියේ.
