Advertise with Giraya
NEWS

නිව් ඩයමන්ඩ් නෞකාවට මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර හිමි වෙයි

ගිනි ගැනීමට ලක් වූ MT New Diamond නෞකාවට මෙරට මුහුදු කලාපයෙන් ඉවත් කර ගැනීමට අවසර ලබා දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කරයි.

මුදල් සහ අදාළ වන්දි ලබාදීමේ පදනම මත, මෙම නෞකාවෙන් සාගර කලාපයට යලිත් ගැටළුවක් පැන නොනගින බවට ලබා දුන් සහතිකය මත පදනම් කරගෙන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම නෞකාව දැනට පිහිටා ඇති මුහුදු කලාපයේ සිට යළිත් මැද පෙරදිග බලා රැගෙන යාමට අවශ්‍ය බව දන්වමින් නෞකාවේ හිමිකාරිත්වය දරණ සමාගම නාවික හමුදාව වෙත ” නෞකාව පිටතට රැගෙන යාමේ සැලසුම” දැනුම් දී ඇති බවත් ඊට නාවික හමුදාව අවසරය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ඉන්දියාව බලා ඉන්ධන රැගෙන යමින් තිබු මෙම නෞකාව ඒ අනුව යළිත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි කුර්ෆක්කාන් වරාය වෙත ඇද ගෙන ගොස් එහිදී වෙනත් නෞකාවකට ඉන්ධන මාරු කිරිමට නියමිතව ඇත.

මීට මාසයකට පමණ ඉහතදී මෙරටින් නැගෙනහිර සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 35ක් පමණ ඈත මුහුදේදී ගිනි ගැනීමට ලක්විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top