කංසා වගා කිරීමෙන් කෙටි කාලීනව ලබා ගත අපනයන ආදායමෙන් පමණක් 2025 වන විට රටේ ණය පියවා ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා.
ඔහු මෙම අදහස් පළ කළේ, ‘නෙත් එෆ්.එම්’ ගුවන්විදුලියේ අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වීමෙන් ය.
විෂ සහිත කොටස් ඉවත් කිරීමෙන් සකස් කරන ලද නව කංසා ප්‍රභේදයක් නිෂ්පාදනය කිරීමෙන් එහි පවත්නා ඖෂධිය වටිනාකමින් යුත් කොටස් දේශීය පරිභෝජනයට නොව විදේශීය රටවලට අපනයනය කිරිම මඟින් ඉතා විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට හැකිවෙනු ඇති බවට අමාත්‍යවරයා පවසනවා.
මේ පිළිබඳව පර්යේෂණ කටයුතු සිදු කිරීම වැරැද්දක් නොවන බැවින් විනාශ කිරීමට ගන්නා අල්ලා ගත් ගංජා තොගවලින් කිලෝ සියයක් පමණ ලබාගෙන නැනෝ තාක්ෂණ ආයතන වෙත ලබා දී පර්යේෂණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.
“අපේ විදේශ ණය ගෙවීම් කරන්නේ කොහොමද කියල මම නිතරම කල්පනා කරනවා. මේ දේ සිදුකලොත් අපේ ණය සම්පුර්ණයෙන්ම 2025 වෙද්දී ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා මට හොඳටම විශ්වාසයි.
මේ කංසා වගා කරලා එයට හමුදාවේ සහ STF එකෙන් ආරක්ෂාව යොදවන්න පුළුවන් එක ගහක්වත් පිටතට නොයන විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අවශ්‍ය තෙල් ටිකද, ඖෂධ ටිකද වෙන් කරලා අරගෙන විදේශ රටවලට යවලා මුදල් උපයන්න” අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
