පසුගියදා මහනුවර, භුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ල කඩා වැටීමට හේතුව එම ගොඩනැගිල්ලේ ව්‍යුහයේ තිබු දුර්වලතා හා ඉදි කිරීම් අමුද්‍රව්‍ය ප්‍රමිතියෙන් තොර වීම බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සිදුකළ පරීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළේ, අදාළ පරීක්ෂණයේ වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට භාර දුන් බවයි.
අදාළ පස්මහල් ගොඩනැගිල්ල ඉදි කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා අවස්ථා 03 කදී මහනුවර මහ නගර සභාවෙන් අවසර ලබාගෙන ඇතැයි ද පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා. පළමුව මහල් තුනක් ඉදි කිරීම සඳහාත් දෙවනුව තවත් මහලක් ඉදි කිරීම සඳහා මහනුවර නගර සභාවෙන් අවසර ලබා ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා. තෙවනුව ගොඩනැගිල්ලේ හතර වැනි මහල හා මුදුන් වහල ඉදි කිරීම සඳහා අවසර ලබා ගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළා.
ගොඩනැගිලි ඉදි කිරීමට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් අවසර හා උපදෙස් ලබා ගැනීමෙන් මෙවැනි සිදුවීම් අවම කර ගත හැකි බව ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක සඳහන් කළා.
පසුගිය 20 වැනිදා අලුයම බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැගිල්ල කඩාවැටීමෙන් යුවලක් සහ ඔවුන්ගේ බිළිඳු දියණිය ඉතා අවසානාවන්ත ලෙස ජිවිතක්ෂයට පත් විය.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ මෙම මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා.
සම්බන්ධිත පුවත්
- අනුර ලෙව්කේ ඔක්තෝම්බර් 13 දක්වා රිමාන්ඩ්
- කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට
- මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතිවිරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනා ගනියි
- මහනුවර කඩා වැටුණු නිවසේ හිමිකරුගේ ප්‍රකාශය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතික්ෂේප කරයි
- ගිලා බැස්ස ගොඩනැගිල්ලේ අයිතිකරු ඇතුළු ඥාතීන් කිසිවෙකුට නොදන්වා පාන්දර පිටව ගිහින්
- මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බසී, සිරවී සිටි බිළිඳා ජීවිතක්ෂයට
