Advertise with Giraya
NEWS

තවත් ආසාදිතයින් 12කට සුවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (02) දින පෙරවරු 10.00 වන විට 3382ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එමෙන්ම, අද (02) දිනය තුළ දී මෙතෙක් කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නැති අතර ඊයේ (01) දිනයේ දී නව ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා විය. ඔවුන් දෙදෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

එසේම, අද (02) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින්‍ 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 3245 දෙනෙකු සුවය ලබා ඇත.

Giraya News Alerts

ඒ අනුව, අද (29) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3382 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 71
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1397
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 651
  • වෙනත් – 313

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3382ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.9%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 3.6%ක් දක්වා අඩු වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.39%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 291,105ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (01) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1517ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (02) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 124 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 39ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 47ක් ද,
  • ඉරණවිල රෝහලේ 15ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 02ක් ද,
  • හම්බන්තොට රෝහලේ 21ක් ද, වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 37ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13 කි. අවසන් වරට කොරෝනා මරණයක් වාර්තා වූයේ, දින 21ට පසු සැප්තැම්බර් 14 වන දිනයේ දී ය.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top