Advertise with Giraya
POLITICS

‘රටේ ආරක්ෂාව කියන්නේ හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි’ – සරත් ෆොන්සේකා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම ගත යුතු බවත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාට බරපතල දඬුවම් ලබා දිය යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සඳහන් කරයි. ඔහු මෙම අදහස් පළ කළේ ගම්පහ ප්‍රදේශයේ දී ය.

එහිදී, අදහස් දක්වමින් මන්ත්‍රීවරයා “පාස්කු ප්‍රහාරය ගැන කථා කරනවා නම් ඒකේ වගකීම ගන්න ඕනේ, මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ. කැබිනට් එකේ හිටියා කියලා, අනිත් අයට බෑනේ ඒවට ඇඟිලි ගහන්න. ඒ දෙන්නට තමයි ඒක මෙහෙයවන්න වගකීම තිබ්බේ. අසාර්ථකභාවයක් තිබ්බානම් ඒකේ සම්පූර්ණ වගකීම ඒ දෙන්නා ගන්න ඕනේ. රටේ ආරක්ෂාව කියන එක රටේ ඉන්න හැමෝටම ඇඟිලි ගහන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ.” පැවසුවේ ය.

එමෙන්ම, බුද්ධි අංශය පිළිබඳව දැනුවත්කමක් තිබියදි අදාළ කාලයේ දී තමන් රටේ ආරක්ෂාව පිළිබඳව අනතුරු නොඅඟවමින් නිහඬව සිටියේ මන්දැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රීවරයා, “කැබිනට් මණ්ඩලයේ ඉන්න කොට ආරක්ෂාව ගැන කථා කරන්න පුළුවන් ඒ ආරක්ෂාවට අදාළව වගකීම් පැවරෙන අයට විතරයි. මට තිබුණේ වනජීවි. එතකොට මගේ රාජකාරිය තමයි වනජීවි එක ගැන කථා කරන එක. පුද්ගලිකව අපි ඒ අයට කථා කරලා තියෙනවා. නමුත් රාජකාරී මට්ටමෙන් කථා කරන්න බෑ. නමුත් අපි කිව්ව දේවල් එයාලා කවදාවත් තේරුම් ගත්තේ නෑ. ජනතාවගේ ජීවිත මහා පරිමාණයෙන් නැති වුණා. ත්‍රස්තවාදයක් නිර්මාණය වුණා. අනිවාර්යයෙන් ඒ දෙන්නට ඒකට අදාළ බරපතළ දඬුවම් දෙන්න ඕනේ” යැයි පැවසුවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top