කටාන අක්කරපහ පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්ගෙන් කෝටි 3කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා සැප්තැම්බර් 30 වන දින 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණ ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වා කොල්ලකෑම සිදු කර තිබුණි.
පොලීසිය සඳහන් කරන පරිදි කොල්ලකෑම සිදු කර ඇති පුද්ගලයින් නිල් පැහැති කුඩා මොටර් රථයක සහ යතුරු පැදි දෙකක නැගී එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.
