Advertise with Giraya
Giraya NewsGiraya News
FOREIGN

ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා ඔහුගේ බිරිඳට කොරෝනා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හට කොරෝනා වෛරසය අසාදිත බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලයේ නිලධාරිනියක් වන 31 හැවිරිදි හෝප් හික්ස් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳට කොරෝනා පරීක්ෂණ සිදු කර අතර නිරෝධායන ක්‍රියාවලියකට යොමු කෙරුණා.

පසුගියදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහියෝ හිදී සහභාගිවූ රූපවාහිනී විවාදයට ද මෙම නිලධාරිනිය එක්වී ඇති බවත් එහිදී ඇය ජනාධිපතිවරයා සමඟ ඔහුගේ නිල ගුවන් යානයෙන් එකට ගමන් කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Giraya News Alerts

එමෙන්ම, මිනේස්ටෝ හිදී ජනාධිපති ට්‍රම්ප් සහභාගිවූ රැළියේදී ජනාධිපතිවරයා සිය හෙලිකොප්ටරයට ගොඩවන අවස්ථාවේදී ද මෙම නිලධාරිනිය ජනාධිපතිවරයාගේ ආසන්නයේ සිට ඇති බවද වාර්තා වේ.

තවද, අමෙරිකාවේ ක්ලේව්ලෑන්ඩ් හිදී මෙම 31 හැවිරිදි ජනාධිපති උපදේශකවරිය හෝප් හික්ස් ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානයෙන් පිටතට එන අවස්ථාවේදී මුඛ ආවරණයක් පැළද නොසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, ජනාධිපතවරණය සඳහා පැවැත්වෙන දෙවැනි විවාදය ලබන 15 වැනි දා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ජනාධිපති ට්‍රම්ප් හට සහභාගී වීමට හැකියාව ඇත්ද යන්න පිළිබඳව තවමත් තහවුරු වී නැහැ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top