හැටන් – ඩයගම මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 49 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි. තුවාල ලැබූ පිරිස අතර පාසල් ළමුන් 21 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.
හැටන් – ඩයගම මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස්රථයක අද (02) උදෑසන 6.30ට පමණ මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ වූ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුරු සිදුව ඇති බව සඳහන් වේ.
බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, කොන්දොස්තර ඇතුළු පිරිස දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අයගේ තත්ත්වය බරපතල නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරු සඳහන් කරයි.
