Advertise with Giraya
NEWS

සැප්තැම්බර් මාසයේ කොවිඩ් – 19 වාර්තාව

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (01) දින පස්වරු 04.00 වන විට 3382ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ගත වූ පැය 24 තුළ දී නව ආසාදිතයින් හය දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු ඕමාන් සිට ද, එක් අයෙක් ඇමරිකාවේ සිට ද, එක් අයෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයෙක් ද වේ. අනෙක් පුද්ගලයා ඕමාන් සිට පැමිණි ඉන්දියානු ජාතික නාවිකයෙකි.

අගෝස්තු මාසය තුළ දී නව ආසාදිතයින් 233 දෙනෙකු වාර්තා වූ අතර සැප්තැම්බර් මාසය තුළ දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන 309කි. ඒ අනුව, අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසය තුළ දී නව ආසාදිතයින්ගේ වාර්තා වීම 76කින් වැඩ් වී ඇත. අගෝස්තු මාසය තුළ දී වාර්තා වූ ආසාදිතයින්ගෙන් සුවය ලැබූ ප්‍රමාණය 477ක් වන අතර සැප්තැම්බර් මාසය තුළදී එය 362 දක්වා අඩු වී ඇත. එමෙන්ම, අගෝස්තු මාසය තුළ දී සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 67,813ක් වේ. සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රමාණය 61,526ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ වාර්තා මඟින් සනාථ කරයි.

සැප්තැම්බර් මාසය තුළ දී ශ්‍රී ලංකාවේ දෛනිකව සමස්ත ආසාදිතයින්ගේ ප්‍රමාණය හා සක්‍රීය ආසාදිතයින්ගේ ප්‍රමාණයේ සිදු වූ වෙනස්වීම පහතින් දැක්වේ.

අගෝස්තු මාසයේ දී දෛනිකව වාර්තා වූ ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ගණන පහතින් දැක්වේ.

ඒ අනුව, අද (01) පෙරවරු 10.00ට වාර්තා වී ඇති රෝගීන් 3380 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලින් පැමිණි (විදේශික) – 71
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 1395
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 651
  • වෙනත් – 313

එමෙන්ම, අද (01) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 3233 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 134ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 3382ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 95.6%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය අගෝස්තු 04 වන දින 4.4% ලෙස සටහන් විය. අද (01) දිනයේ දී එය 3.9%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.38%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 289,588ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 3518ක් වූ ප්‍රමාණය අගෝස්තු 18 වන දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (30) දිනයේ දි සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 1724ක් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (01) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 134 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 41ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 51ක් ද,
  • ඉරණවිල රෝහලේ 19ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 02ක් ද,
  • හම්බන්තොට රෝහලේ 21ක් ද, වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 49ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 13කි. අවසාන වරට කොරෝනා මරණයක් මෙරටින් වාර්තා වූයේ දින 21කට පසුව සැප්තැම්බර් 14 වන දිනයේ දී ය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top