Advertise with Giraya
NEWS

මංගලාරාම හිමියන් ඇතුළු තිදෙනාට ඇප හිමිවෙයි

මඩකලපුව, පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පහර දී ඔවුන්ගේ රාජකාරියට බාධා කළා යැයි චෝදනා මත එරාවුර් සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමනරතන හිමිපාණන් ඇතුළු තවත් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට විනිසුරු ජිවරානි කරුප්පයියා නියෝග කර තිබෙනවා.

ඉකුත් සැප්තැම්බර මස 21 වෙනිදා මඩකලපුව මංගලාරාමය විහාරාධිපති අම්පිටිය සුමරතන හිමිපාණන් ඇතුළු තිදෙනෙකු පන්කුඩාවේලි ප්‍රදේශයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ලකුණු කර පර්යේෂණ සිදුකරන ප්‍රදේශය තුළට බලහත්කාරයෙන් ඇතුල් වී මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින්ව එම ස්ථානයට කැඳවා නිලධාරි තිදෙනකුට බරපතල ලෙස පහර දී ටකරං මඩුවක් තුළ රඳවා තබා තිබුණා.

සිද්ධිය සැලවීමත් සමගම කරදියනාරු පොලිසිය සිද්ධිය වූ ස්ථානයට ගොස් සුමනරතන හිමිපාණන් සමඟ සාකච්ඡා කොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් මුදා ගැනීමට පියවර ගනු ලැබුවා.

මෙම සිද්ධියට මුහුණ පෑ මඩකලපුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින්ගේ පැමිණිල්ලක් අනුව කරදියනාරු පොලිසිය විසින් එරාවුර් සංචාරක අධිකරණයේ දණ්ඩ නීති සංග්‍රහය 183, 344, 323 අංක දරණ කොටස යටතේ නඩු පවරනු ලැබුවා.

ඒ අනුව, එරාවුර් සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සුමනරත්න හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසට ඊයේ (30) දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණා.

රජයේ පාර්ශව නීතිඥවරුන්ට හා පොලිසිය විසින් දැඩි විරෝධය මැද එල්ල කළ චෝදනාව ඔප්පු කිරීමට නොහැකි වීමෙන් සැකකරුවන් තිදෙනාව රුපියල් දෙලක්ෂයක ශරීර ඇප මත නිදහස් කිරීමට අවසර දුන් අධිකරණය ඉදිරි නඩු විභාගය නොවැම්බර මස 27 දක්වා තබනු ලැබුවා.

සැකකරුවන් වන මංගලාරාම විහාරාධිපති අම්පිටිය සුමරතන හිමිපාණන් හා ආධාරකරුවන් දෙදෙනා වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ එස්.එම්. මොහොමඩ් අමීන් සහ නීතිඥ දාවුඩ් උවෛයිස් පෙනී සිටියා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top