Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

රේගුවේ තිබූ මත්පැන් බහාලුමක මත්පැන් ඉවත්කර වතුර බෝතල් පුරවලා

රජයේ තීරුබදු ගාස්තු වලින් නිදහස්ව දේශිය වෙළෙදපොළට නිකුත් කිරීමේ දී හෝ ප්‍රතිඅපනයනයේ දී තීරුබදු ගෙනීමේ පදනම් මත මාලදිවයිනේ සිට මෙරටට ආනයනය කර තිබු විදේශ මත් පැන් ලීටර් 11,257 ක අඩංගු කන්ටේනරයක් තිබු මත්පැන් ඉවත් කර ඒ වෙනුවට පානීය ජලබෝතල් පිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රේගු නිවාරණය අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

අඩි 40 මෙම කන්ටේනරට ඉකුත් 2018 වසරේ මෙටට ආසනය කර ඇති අතර 2019 වසරේ එය ප්‍රති අපනයන සදහා අපනයන ක්‍රියා වලිය අවසන් වනතෙක් සීදුව ප්‍රදේශයේ ගුදමක රැඳවාගෙන සිටි බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

රේගු බාරයට ගෙන තිබු මෙම කන්ටේනරය පරික්ෂා කිරීම සදහා පැමිණෙන ලෙසට එය ගෙන් වු පාර්ශවයන්ට රේගුව අවස්ථා කිහිපයක දීම දැනුම් දී තිබුණ ද ඔවුන් රේගුව මගහරිමින් ඔවුන් ඒ සදහා ඉදිරිපත් නොවු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Giraya News Alerts

ඒ අනුව, ඊයේ (30) සීදුව ගුදමේ දී මෙම බහාලුම පරීක්ෂා කිරීමේ දී එහි විදෙස් මත්පැන් බෝතල් තිබී නොමැති අතර ඒ වෙනුවට ලීටර් 1 පානීය ජලබෝතල් 15 ක් අඩංගු පෙට්ටි 1179 ක් තිබු බව ද සුනිල් ජයරත්න සඳහන් කළා. අපනයනය කර තීරුබදු ගෙවීමේ පදනම මත ගෙන්වා තිබු මෙම කන්ටේනරයේ තිබී සියලු විදේශ මත්පැන් සැකකරුවන් විසින් දේශීය වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට සැකකරන බවද සුනිල් ජයරත්න පවසනවා.

මේ හේතුවෙන්, රේගුවට රුපියල් කෝටි 4 ක බදු ආදායමක් අහිමි වී ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න පවසයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top