Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සූදු කෙළිමින් සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් පොලීසියට

නවගත්තේගම හිනාගම පවත්වා ගෙන ගිය සූදුපොළක සූදු කෙළිමින් සිටි නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගත හැකි වු බව නවගත්තේගම පොලිසිය පවසයි.

පොලීසියට ලද තොරතුරක් අනුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් නවගත්තේගම හිනාගම වැව ඉස්මත්තේ පවත්වා ගෙන ගිය මෙම සූදු පොළ වැටලු බවත් පොලිසිය කියයි. එහිදි සුදු සෙල්ලම් කරමින් සිටි පිරිසක් පලා ගිය අතර 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සූදුපොළේ තිබු රුපියල් 113,000 ක මුදලක් ද සිය බාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර නවගත්තේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රිවරයෙකු ද සිටි අතර ඔහු මෙයට පෙරද සූදු පිටියක සිටිය දී අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇති බවත් පොලිසිය කියයි. සැකකරුවන් ආණමඩුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top