Advertise with Giraya
NEWS

අපේ සමාජය තවමත් අනාරක්ෂිතයි, කෝවිඩ් ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

ශ්‍රී ලාංකීය ජනතාව කොවිඩ් වසංගතයේ භයානකකම නොදැක්ක බවත්, සමාජය තවමත් අනාරක්ෂිත තත්වයක පවතින බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

එමෙන්ම, මාස දෙකකට ආසන්න කාලයක් තුළ සමාජය තුළින් කොවිඩ් ආසාදිතයෙක් හමු නොවූව ද විදෙස් රටවල සිට පැමිණෙන ආසාදිතයින් හේතුවෙන් සමාජය තුළට වෛරසය පැතිරීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.

Giraya News Alerts

එහිදී”විදෙස් රටවල සිට කොවිඩ්-19 රෝගීන් තමයි, මේ රටට එන්නේ, වෛරසය ආසාදිතයින් පුද්ගලයින් අපේ මේ භූමිය තුළ සිටිනවා, රෝහලකට හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සමහර වේලාවට අත්වැරදීමකින් හෝ අතපසුවීමකින් ඔවුන් සමාජයත් සමග ගැටෙන්නට පුළුවන්, ඒ වාගේම තමයි අපේ රටට ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ඇතැම් පිරිස් ආවා, ඒ වගේම මුහුදේදී ඉන්දියානු ජාතිකයින් හමුවිය හැකියි, ඒ නිසා තවමත් අපේ සමාජය අනාරක්ෂිතයි. ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාව කොවිඩ්-19 රෝගයේ භායානක දැක්කේ නැහැ“ යනුවෙන් වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top