ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3380ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (30) දිනයේ දී ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.
ඔවුන්ගෙන් තිදෙනෙකු ඕමාන් සිට ද, එක් අයෙක් ඇමරිකාවේ සිට ද, එක් අයෙක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි නාවිකයෙක් ද වේ. අනෙක් පුද්ගලයා ඕමාන් සිට පැමිණි ඉන්දියානු ජාතික නාවිකයෙකි.
එමෙන්ම, ඊයේ (30) දිනයේ දී කිසිදු රෝගියෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් නැති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් සුවය ලැබූ ගණන 3230කි.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 137කි. තවත් පුද්ගලයින් 38 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි
