අධිකරණ අමාත්‍යාංයෙහි විවිධ රැකියා ලබා දෙන බව පවසමින් තරුණ තරුණියන් විශාල පිරිසක් රවටා මුදල් ලබා ගනිමින් සිදුකරන ලද ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ අයුරින් රැවටීමට ලක් වූ තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී එම ජාවාරම පිළිබඳ අනාවරණය වී ඇත. මෙම පිරිස අද (30) සහ මීට පෙර දින කිහිපයක දී අමාත්‍යාංශයට ව්‍යාජ ලිපි සමඟ පැමිණ තිබූ බව අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් වන ඔවුන් අම්පාර, මීගමුව, දංකොටුව, ගල්කිස්ස ආදී විවිධ ප්‍රදේශවලින් පැමිණ ඇති අතර සම්මුඛ පරීක්ෂණ ලිපි ව්‍යාජ බවට ඔවුන් දැනගෙන ඇත්තේ ද අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ දී ය.
මෙලෙස තරුණ තරුණියන් 45දෙනෙකු පමණ රවටා ඔවුන්ගෙන් රු.17,500 සිට රු 185,000 දක්වා මුදල් ලබා ගෙන ඇති අතර මුදල් ලබා දී තිබූ බවට වූ බැංකු රිසිට්පත් ද ඔවුන් සතුව තිබුණු බව අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම පුද්ගලයා ‘සමන්ත‘ යන නමින් පෙනී සිට ඇති අතර ඔහු සමඟ මෙම පුද්ගලයින් දුරකථන ඔස්සේ සම්බන්ධ වී මුදල් ලබා දී තිබේ.
අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස උපදෙස් ලබා දී ඇත.
එමෙන්ම, අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි අද (30) දින එසේ පැමිණ සිටි තරුණ තරුණීයන් හමුවී සාකච්ඡා කළ අතර මෙහිදී අධිකරණ අමාත්‍යතුමා සඳහන් කළේ, රජයේ ආයතනයක් සඳහා බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් පවතින බැවින් උගත් තරුණ තරුණියන් ලෙස මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමේ වගකීම පැවති බවයි.
තවද, මෙවැනි වංචනික පුද්ගලයින්ට නොරැවටෙන ලෙස අධිකරණ අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර තරුණ තරුණියන් රවටා මුදල් ලබාගත් අදාල පුද්ගලයින් හදුනාගෙන අවශ්‍ය පියවර ගැනීමට අමාත්‍යාංශය මේ වන විටත් කටයුතු කර ඇති බව දන්වා සිටියි.
අධිකරණ අමාත්‍යාංශය හෝ ඒ යටතේ ඇති ආයතන සදහා බදවා ගනු ලබන්නේ බදවා ගැනීමේ පටිපාටිය අනුව ප්‍රසිද්ධ පුවත් පත් වල පළ කිරීමෙන් පමණක් වන බවත් අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ පළ කරනු ලබන බවත් වැඩිදුරටත් සඳහන් කරනු ලබයි.
