Advertise with Giraya
NEWS

සජිත්ට ගල් ගැසූ දෙදෙනෙක් කොටුවෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වූ ජනහමුවේ දී වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. ගල් එල්ල කරන අවස්ථාවේ දී මොවුන් දෙදෙනා බීමත්ව සිට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

අදාළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් ඊයේ (29) රාත්‍රීයේ දී ම අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා අද (30) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

රත්මලාන කොතලාවලපුරපිටිය ජනහමුවක දී විපක්ෂ නායකවරයා ජනතාව අමතමින් සිටියදී වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල විය.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top