කටාන, අක්කරපහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණ රුපියල් කෝටි 3 කට අධික මුදලක් කොල්ල කා තිබෙන බව වාර්තා වේ.
කොල්ලකෑම සිදු කිරීමට 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි. කොල්ලකරුවන් විසින් නිවසට පැමිණ ගිනි අවි පෙන්වා නිවැසියන් බිය ගන්වමින් මුදල් කොල්ලකෑම සිදුකර තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කටාන පොලීසිය මඟින් විමර්ශන ක්‍රියාත්මකයි.
