Advertise with Giraya
NEWS

වට ප්‍රමාණයට පොල් මිල නියම කිරීම ගැන ඇමතිගේත් විරෝධය

පාරිභෝගික සේවා අධිකාරිය විසින් පසුගිය සිකුරාදා (25) දින නිකුත් කළ නව ගැසට් නිවේදනය අනුව අගල් 13 ට වඩා වැඩි වට ප්‍රමාණයක් ඇති පොල් ගෙඩියක් රු.70කට ද, අගල් 12-13 අතර වට ප්‍රමාණය සහිත පොල් ගෙඩියක් රු. 65කට සහ අගල් 12 ට අඩු වට ප්‍රමාණය සහිත පොල් ගෙඩියක් රු. 60 කට විකිණීම සඳහා අවසර හිමිව තිබෙනවා.

කෙසේ වෙතත්, විපක්‍ෂයේ දේශපාලනඥයින් මෙන්ම ජනතාව ද වටප‍්‍රමාණයට මිල තීරණය කිරීම ගැන දැඩි විරෝධයක් එල්ල කරමින් පවතියි. පොල් මිල සඳහා පාලන මිල ගණන් පැනවූවත් වෙළඳපොලේ තවමත් පොල් ගෙඩියක මිල රුපියල් 70ත් 90ත් අතර අලෙවි වන බව නිරීක්ෂණය වේ. එමෙන්ම, චක්‍රලේඛ පැනවූව ද ප‍්‍රායෝගිකව වෙළද පොලේ එම තත්ත්වය දැකිය නොහැකි බව ද පාරිභෝගිකයින් පවසනවා.

මේ පිළිබඳව ‘නෙත් නිවුස්’ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්, පොල් වගා ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසා තිබුණේ, පොල් ගෙඩියක මිල වටප්‍රමාණය අනුව තීරණය වීම ක්‍රියාත්මක කළේ පාරිභෝගික අධිකාරිය විසින් බවයි. එමෙන්ම, ඒ පිළිබඳව තමන්ගේ ද විවේචනයක් පවතින බවත් තම පෞද්ගලික මතය වන්නේ ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නොමැති බවයි.

Giraya News Alerts

ඒ අනුව, නිසි ක්‍රමවේදයකට අනුව මෙම තීරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉදිරි දින කිහිපය තුළ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top