හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරා වන රියාජ් බදුර්දීන් මාස 5කට පසුව නිදහස් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ආරංචි මාර්ග වාර්තා කළ බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රඳවා තබාගෙන ප්‍රශ්න කළ රියාජ් බදුර්දීන් නිදහස් කිරීමෙන් අනතුරුව ඊයේ (29) සවස 5.00ට පමණ අපරාධ පරීක්ණ දෙපාර්තුමේන්තුවෙන් පිටව ගොස් ඇතැයි එම පුවත්පත වාර්තා කරයි.
පසුගිය අප්‍රේල් 14 වැනිදා පුත්තලමේ පිහිටි රියාජ් බදියුදීන්ගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගැනුණි. එමෙන්ම, එම සිද්ධිය සම්බන්ධයෙන් රියාජ් බදියුදීන් සමඟ නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොම්මදු අමීන් මොහොමඩ් අස්මින් නමැති කෝටිපති ව්‍යාපාරිකයා සහ රේගු නිලධාරියකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විටත් එම දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කිරීම් සිදුකරමින් සිටියි.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සියලුදෙනාම මරාගෙන මැරුණු ප්‍රහාරකයින් සමග සෘජු සම්බන්ධතා පවත්වා ඇති බවට අප්‍රේල් 15 වැනි දින පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
