රත්මලාන කොතලාවලපුරපිටිය රණසිංහ මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (29) පස්වරුවේ පැවති ජනහමුවක දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
විපක්ෂ නායකවරයා වේදිකාවේ ජනහමුව අමතමින් සිටි අවස්ථාවේ දී මෙම ගල් ප්‍රහාරය එල්ල වී ඇති අතර වහා ක්‍රියාත්මක වූ ආරක්ෂකයින් විසින් ඔහුව ආවරණය කිරීමට කටයුතු කර තිබෙනවා. කෙසේ වෙතත්, සජිත් ප්‍රේමදාස නොනැවතී තම කථාව සිදු කළ අතර තමන් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන බවත් ‘මදාවියන්ට බයේ මම ඉන්නේ නෑ’ යනුවෙන් එහිදී පවසා තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
