Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

සමාජමාධ්‍යවල හුවමාරු වු නිපුණතා සවර්ධන රාජ්‍ය අමාත්‍යවරියගේ ලිපිය ගැන පැහැදිලි කිරීමක්

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල ගේ පරිහරණය සඳහා ඇපල් අයි ෆෝන් දුරකථනයක් හා අයි පෑඩ් පරිගණක යන්ත්‍රයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන ලෙස ඉල්ලමින් ඇයගේ පෞද්ගලික ලේකම්වරයා විසින් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත යොමු කර තිබූ ලිපියක් ඊයේ (29) දිනයේ පටන් සමාජමාධ්‍යවල හුවමාරු වෙමින් පවතියි.

තවද, එම ලිපියෙන් අමාත්‍යවරියේ නිල රථය සඳහා කුඩයක්, විදුලි ලාම්පුවක්, සහ පසු ගමන් ආරක්ෂක රථය සඳහා විදුලි බල්බ මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දෙන මෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පුද්ගලික ලේකම්වරයා සඳහන් කරන්නේ, එම ලිපියේ සඳහන් වන භාණ්ඩ මීට පෙර අමාත්‍යාංශයේ අමාත්‍යවරුන් භාවිතා කර අමාත්‍යාංශය වෙත නැවත භාර එකී භාණ්ඩ නැවත ලබා ගැනීම වෙනුවෙන් අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ ඉල්ලීමකට අනුව පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් යොමු කරන ලද ලිපියක් බවයි.

Giraya News Alerts

අදාළ භාණ්ඩ ලේඛනගත වන භාණ්ඩ වන බවත් අමාත්‍යවරයෙකු හෝ අමාත්‍යවරියක් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන විට අදාළ භණ්ඩ සියල්ල අමාත්‍යාංශය වෙත නැවත භාර දිය යුතු බවත් එම ලිපියෙන් පෙන්වා දෙයි. එමෙන්ම, එලෙස ලබා දෙන භාණ්ඩ නැවත නව අමාත්‍යවරයා වෙත භාවිතය සඳහා ලබා දෙන බවත් ඒවා නීත්‍යානුකූල ලෙස ලබා ගත යුතු බවත් පෙන්වා දෙයි. ඒ අනුව, මෙතෙක් ලබා නොදුන් භාණ්ඩ ඉල්ලා ඇති බවත් ලබා දුන් භාණ්ඩ සඳහා ලේඛනය අදාළ ලිපිය මඟින් ඉල්ලා ඇති බවත් සඳහන් කරයි.

අදාළ ලිපිය වැරදි ලෙස අර්ථකථනය කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු වීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රාජ්‍ය අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top