පසුගියදා කඩා වැටුණු මහනුවර පස්මහල් ගොඩනැගිල්ලේ අයිතිකරු වූ අනුර ලෙව්කේ ලබන ඔක්තෝම්බර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධීකරණය අද (29) නියෝග කළා.
මහනුවර, බූවැලිකඩ සංඝමිත්තා පාර ප්‍රදේශයේ පසුගිය 20 වනදා අලුයම පස් මහල් ගොඩනැගිල්ලක් තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එක හමාරක් වයසැති බිළිඳියක සහ ඇයගේ මව සහ පියා ජීවිතක්ෂයට පත්විය.
සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය විසින් සිදුකරනු ලැබූ දීර්ඝ විමර්ශනයකට අනුව ගිලා බසින ලද එම ගොඩනැගිල්ලේ හිමිකරු අද (29) උදෑසන මහනුවර පොලීස් ස්ථානයට කැඳවීමෙන් පසු අත්අඩංගුවට පත් විය.
සම්බන්ධිත පුවත්
- කඩා වැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට
- මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතිවිරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනා ගනියි
- මහනුවර කඩා වැටුණු නිවසේ හිමිකරුගේ ප්රකාශය රාජ්ය ඉංජිනේරු සංස්ථාව ප්රතික්ෂේප කරයි
- ගිලා බැස්ස ගොඩනැගිල්ලේ අයිතිකරු ඇතුළු ඥාතීන් කිසිවෙකුට නොදන්වා පාන්දර පිටව ගිහින්
- මහනුවර ගොඩනැගිල්ලක් ගිලා බසී, සිරවී සිටි බිළිඳා ජීවිතක්ෂයට
