රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළඹීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු නියෝජනයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා තිබෙන බවත් ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවත් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි සඳහන් කරයි.
එහෙයින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වු රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වනු ඇත.
එසේ වුවද, කිසියම් නිලධාරියෙකුගේ සේවා ව්‍යවස්ථාවේ හෝ බඳවා ගැනීමේ පටිපාටියේ කිසියම් ශ්‍රේණියකට උසස් වීමේ අවශ්‍යතාවයක් ලෙස අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය සම්පූර්ණ කළ යුතුව ඇත.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.


