Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

2015 ජනාධිපතිවරණ දැන්වීම්වලින් රූපවාහිනි සංස්ථාවට කෝටි 20ක් පාඩු වෙලා

2015 ජනාධිපතිවරණයේ දී මැතිවරණ දැන්වීම්වලට මුදල් අය කිරීමේ ක්‍රමවේදයක් සකස් කර නොතිබූ බැවින් රූපවාහිනී සංස්ථාවට රුපියල් කෝටි 20ක පාඩුවක් සිදුවී ඇති බව වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට අද (29) දැනුම් දී තිබෙනවා.

2015 ජනාධිපතිවරණයේ දැන්වීම්වලට අදාළව 2016 ජුනි 17 වැනි දින සිදු කර ඇති විගණන වාර්තාව මගින් මෙම පාඩුව පිළිබඳ අනාවරණය වී ඇති බව එම නීතිඥවරු දන්වා සිටියි.

රූපවාහිනී සංස්ථාවේ අලෙවි අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ සනත් ප්‍රියන්ත දළුවත්ත විසින් මෙම කොමිසමට කර ඇති පැමිණිල්ලක් යළි කැඳවූ අවස්ථාවේදී එම නීතිඥවරු මෙම කරුණු කොමිසම හමුවේ දැනුම් දී තිබෙනවා.

Giraya News Alerts

එම පැමිණිල්ල මගින් රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති රවී ජයවර්ධන වගඋත්තරකරුවෙකු ලෙස නම් කර තිබෙන අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පැමිණිලිකරුගෙන් අද හරස් ප්‍රශ්න විමසීමට සිදු කළ අතර එහිදී මෙම තොරතුරු අනාවරණය විය. මෙම කොමිසම උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top