ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වූ අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම යෝජනාවේ දැක්වෙන පරිදි ගව ඝාතනය ඉහළ යාම හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන් කටයුතු සිදු කිරීමේදී අවශ්‍ය වන ගව සම්පත ප්‍රමාණවත් නොවන බවත්, එමෙන්ම ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය අවම කර ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය වැඩි දියුණු කිරීමට හැකි වන පරිදි දේශිය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ගව සම්පතක් නොමැති වීම එම කර්මාන්තයේ දියුණුවට බාධාවක් වී ඇති බවයි.
එම නිසා ගව ඝාතනය සම්බන්ධයෙන් වන අදාළ නීති රීති සංශෙෘ්ධනය කිරීම සඳහා නොපමාව අවශ්‍ය පියවර ගැනීමටත්, ගව මාංශ පරිභෝජනය කරන ජනතාව වෙනුවෙන් අවශ්‍ය වන මාංශ ආනයනය කර සහන මිලකට ලබා දීමටත්, වයස්ගත තත්ත්වයට පත්වන ගවයින් සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි.
ඒ අනුව, එකී පියවරයන් ගැනීමෙන් පසුව ගව ඝාතනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට කටයුතු කළ යුතු බව එම යෝජනාවෙන් ඉදිරිපත් කරයි.


