Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

‘සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි, මේක කළේ කාගෙ හරි උවමනාවක් වෙනුවෙන්’ – මුජිබර් රහුමාන්

සහරාන් හෂීම් විසින් සිදු කරන ලද ප්‍රහාරය පිටුපස වෙනත් පාර්ශ්වයක් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නම් ප්‍රහාරයට සම්බන්ධ යැයි කියන ‘සාරා’ නමැති කාන්තාව මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු බවයි.

ඔහු මේ බව සඳහන් කළේ, පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා“දැනට අපිට මරාගෙන මැරෙන කණ්ඩායමේ සිටි ‘සාරා‘ නැමති කාන්තාව ඉන්දියාවේ ඉන්නවා කියලා තොරතුරු පළ වෙලා තියෙනවා. ඒ නිසා වහාම අපිට සාරාව ඉන්දියාවෙන් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් නම් මේ පාස්කු ප්‍රහාරයේ සියලු දේවල් අපිට දැන ගන්න පුළුවන් වේවි කියන එක තමයි මම කොමිසමට කිව්වේ. මෙහෙම සංවිධානය වෙලා මේ වගේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් හයියක් කවුද මොවුන්ට ලබා දුන්නේ කියන එකයි අපිට තියෙන ගැටලුව. ඒ සියලු දේවල් හොයා ගන්න පුළුවන් ඉන්දියාවේ ඉන්න සාරාව ගෙනවා නම්.“ යනුවෙන් ද පැවසීය.

Giraya News Alerts

ප්‍රශ්නය – ඔබ තුමා සාක්ෂි දෙමින් කියනවා සහරාන්ගේ එල්ල කළ ප්‍රහාරය පිටුපස අදිසි හස්තයක් ඉන්නවා කියන කාරණය. මොකද්ද මේ හෙළිදරව්ව ?

“විශේෂයෙන්ම මේ රටේ ජීවත්වෙන මුස්ලිම් ජනතාවට මරාගෙන මැරෙන්න තරම් ප්‍රශ්න නෑ. එහෙම උවමනාවකුත් නෑ. බෝම්බ අඟේ බැඳගෙන ගිහින් අහිංසක ජනතාව යාඥා කරන පල්ලිවලට ආගමික ස්ථානවලට ගිහින් පුපුරුවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ නිසා සහරාන් මේක කළේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් නෙමෙයි. මේක කළේ කාගේ හරි උවමනාවක් වෙනුවෙන් ඉෂ්ට කළ දෙයක්.“

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top