Advertise with Giraya
NEWS

20ට එරෙහි පෙත්සම් සලකා බැලීම අද 10ට

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 11 ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (29) පෙරවරු 10.00ට කැඳවීමට නියමිතයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප‍්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලට බුවනෙක අලූ‍විහාරේ, සිසිර ද ආබෲ, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අයත් වේ.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එැබැවින් එම කෙටුම්පත ජනමත විචාරණයකින් හා විශේෂ බහුතර මන්ත්‍රී සංඛයාවකින් සම්මත කර ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කර
ඊයේ (28) පස්වරුව වන විට ඉදිරිපත් වී තිබූ විශේෂ පෙත්සම් ගණන 39කි. පසුගිය සිකුරාදා දිනය වන විට පෙත්සම් 18ක් ගොනුකර තිබු අතර ඊයේ (29) දිනයේ දී තවත් පෙත්සම් 21ක් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් වී තිබුණි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ජන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙස පෙත්සම්කරුවන් ඉල්ලා සිටියි. යෝජිත 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒමට හැකියාව ඇති බව හා ඒ තුලින් ජනතාවට එම පනත් කෙටුම්පත් අධිකරණයේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමි වන බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

එමෙන්ම, නව පනත් කෙටුම්පත තුලින් මහ මැතිවරණයකින් පසුව ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව ඇති බව අදාළ පෙත්සම්වල සදහන් වේ. අධිකරණයේ ඉහළ පත්වීම් ජනාධිපතිවරයා විසින් පත් කිරීමට යෝජිත බැවින් අධිකරණයේ ස්වාධීනත්වයට ද බලපෑම් ඇති කළ හැකි බව ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top