ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3363ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (28) දිනයේ දී ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.
ඔවුන්ගෙන් දෙදෙනෙකු ලෙබනනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි මුහුදු ආරක්ෂකයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම, ඊයේ (28) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3210 දෙනෙකු ම සුවය ලබා ඇත.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 140කි. තවත් පුද්ගලයින් 38 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි
