ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු තීරයේ දී පසුගිය සැප්තැම්බර් 03 වැනි දින ගිනි ගැනීමට ලක් වූ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නීතිපතිවරයා කරන ලද ඉල්ලීම කොළඹ මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ්, අද (28) දිනයේ දී අදාළ නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ය. එහිදී, මහේස්ත්‍රාත්වරයා විසින් එම කපිතාන්වරයාගේ විදේශ ගමන් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබෙනවා.
තවද, විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන ලෙසත් පදිංචිව සිටින ස්ථානය වෙනස් කරන්නේ නම් ඒ බව අධිකරණය වෙත දැනුම් දෙන ලෙසත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් නෞකාවේ කපිතාන්වරයාට නියෝග කර සිටියේය.
පසුගිය සැප්තැම්බර් මස 03 වැනි දින ගිනි ගැනීමට ලක්වූ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා විසින් එම ගින්න මැඩපැවැත්වීම සඳහා අනුගමනය කළ යුතු ස්වයංක්‍රීය ආරක්ෂණ ක්‍රම අනුගමනය නොකිරීම සහ ගින්න පිළිබඳව වගකිව යුතු ආයතන දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කෙරෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ග්‍රීක ජාතික කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පසුගිය සැප්තැම්බර් මස 07 වැනි දින නොතීසි නිකුත් කළ අතර ඒ අනුව අද (28) දින පෙරවරුවේ කපිතාන්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.
මේ අතර, ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාව අයත්ව තිබූ සමාගමෙන් ඉල්ලා තිබූ රුපියල් මිලියන 442ක වන්දිි මුදල මෙරට රජය වෙත ලබා දීම සඳහා එම සමාගම පසුගියදා (26) එකඟතාවය පළ කර තිබුණා. ඒ අනුව, අදාළ වන්දි මුදල අද (28)හෝ හෙට (29) දිනයේ ලැබෙනු ඇති බව වාර්තා වේ.
සම්බන්ධිත පුවත්
- නිව් ඩයමන්ඩ් නෞකාවේ තෙල් කාන්දුවෙන් පරිසර හානියක් සිදුව ඇති බවට අනාවරණය වෙයි
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවට මීටරයක් පමණ දුරින් මුහුදේ ඩීසල් පැල්ලමක් නිරීක්ෂණය කරයි
- අයහපත් කාලගුණය නිසා විදෙස් විශේෂඥයින්ට ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව නිරීක්ෂණය කිරීමට නොහැකි වෙයි
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කෙරේ
- ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ඇතුළු කාර්යමණ්ඩලයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සාකච්ඡාවක්
- නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ සියළුදෙනාට ජනපතිගෙන් තුති
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාව ගොඩබිමේ සිට නාවික සැතපුම් 40ක් දුරට රැගෙන යයි
- ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් තෙල් කාන්දුවක් වුවහොත් ගන්නා පියවර
- අම්පාර ආසන්න මුහුදේ විදෙස් ඉන්ධන නෞකාවක් ගිනි ගනියි
