Advertise with Giraya
ENTERTAINMENT

ජනප්‍රිය විකට රංගන ශිල්පියෙකු වූ ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

අසනීප වී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ජනප්‍රිය විකට රංගන ශිල්පියෙක් වූ ටෙනිසන් කුරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

චිත්‍රපට ගණනාවකට හාස්‍ය උත්පාදනයෙන් දායක වූ ටෙනිසන් වේදිකා නාට්‍ය ගණනාවකට ද සිය දායකත්වය සැපයුවා. පෙරළිකාරයෝ චිත්‍රපටයෙන් සිනමා දිවිය ඇරඹූ ටෙනිසන් කුරේ මහතා මිය යන විට 68 වන වියේ පසුවිය.1952 අප්‍රේල් 30 වැලිමඩ දී මොහු උපත ලැබීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top