Advertise with Giraya
NEWS

ඉන්දීය තෙල් නැවේ සේවය කළ ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු නිරෝධායනයට

කොළඹ වරායට පැමිණ ත‍්‍රිකුණාමලය වරාය වෙත ගමන් ගනිමින් තිබූ ඉන්ධන නෞකාවේ රාජකාරී සඳහා එක්වූ ශ්‍රී ලාංකික නිලධාරීන් පිරිසක් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් නිරෝධායනයට යොමු කළ බව යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා පවසයි.

ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මහනුවර පැවති වැඩසටහනකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නැවේ කාර්ය මණ්ඩලය කොවිඞ් – 19 පළමු පරීක්ෂණයට යොමුකළ අවස්ථාවේ ඔවුන්ට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරුව තිබෙන බවත් අදාළ නැවට කොළඹ වරායේදී ඇතුළු වූ ශ‍්‍රී ලාංකිකයන් පස් දෙනකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සබඳතා පවත්වා තිබෙන බැවින් ඒ අය නිරෝධායනයට යොමුකළ බවත් හමුදාපතිවරයා පැවසුවේ ය.

Giraya News Alerts

නාවික පයිලට්වරු දෙදෙනකු, වෛද්‍යවරයෙකු ඇතුළු පස් දෙනකුගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙලෙස නිරෝධායනයට යොමු කළ බව හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය වරාය වෙත බොර තෙල් ප්‍රවාහනය කරමින් තිබූ අදාළ නෞකාවේ සේවය කළ ඉන්දියනුවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය නිලධාරී ටී.තිලෝජන් ඊයේ (27) දිනයේ දී පැවසුවේය.

දැවි තෙල් මෙට්‍රික් ටොන් 4000ක් රැගෙන ඉන්දියාවේ සිට කොළඹ වරාය වෙත ගොස් ඉකුත් 25 වන දින ත්‍රිකුණාමලය වරාය වෙත පැමිණි මෙම නෞකාවේ සේවකයෙක් අසනීප විම හේතුවෙන් ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවා. එම පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තෙක් නෞකාවේ කාර්යමණ්ඩලය එහිම රඳවා තබාගෙන ආරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් දැවිතෙල් නළ මාර්ග ඔස්සේ ගොඩබෑම සිදු කෙරිණි.

නෞකා කාර්ය මණ්ඩලයේ පී.සී.ආර්. වාර්තා නිකුත් වීමෙන් අනතුරුව නෞකාව වරායෙන් පිටත රඳවා ගැනීමට කටයුතු කර ඇති අතර මේ වන විටත් නෞකාව මෙරටින් පිටුවහල් කිරිමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බව ද වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top