Advertise with Giraya
POLITICS

සම්බන්ධන් යළිත් ලෙඩ වෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හදිසියේම යළිත් අසනීප වීම හේතුවෙන් මේ සතියේ දී පක්ෂයේ ගැනීමට නියමිතව තිබූ වැදගත් තීරණ කිහිපයක්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය මස අග කොළඹ දී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේ දී ගන්නා ලද තීරණ ක‍්‍රියාත්මක කිරීම මේ සතියට නියමිතව තිබුණි. ඒ අතර ප‍්‍රධාන තැනක් ගෙන තිබුණේ දෙමළ ජාතික සන්ධානය සඳහා ප‍්‍රකාශකවරයකු පත් කිරීම හා ජාතික සංවිධායකවරයකු පත් කර ගැනීමයි. ඒ සඳහා පසුගිය 22 දා තවත් සාකච්ඡාවක් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා හදිසියේම අසනීප වීම නිසා එම සාකච්ඡාව එදින අත්හිටුවා මේ සතියේදී පැවැත්වීමට තීරණය කොට තිබුණි.

වෛද්‍ය උපදෙස් මත දෙමළ ජාතික සන්ධානයේ නායකයාට දින කීපයක් විවේකීව ප‍්‍රතිකාර ගැනීමට සිදුව ඇති නිසා පක්ෂයේ කටයුතු මෙහෙයවීම මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා වෙත භාර දී ඇත. මේ හේතුවෙන්, මේ සතියේ දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ ගන්නා සාකච්ඡුා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top