නීති විරෝධීව සායනික අපද්‍රව්‍ය සහ කසල බහලූම් 263ක් මෙරටට යොමු කළ එංගලන්ත මව් සමාගමෙන් සහ ඒවා භාරකර තිබූ මෙරට සමාගමෙන් වන්දි මුදලක් අයකර ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
නීතිපති උපදෙස් අනුව, අදාළ කසළ කන්ටේනර් 263න් 21ක් නැවත එංගලන්තය වෙත හරවා යැවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ඊයේ (27) දිනයේ දී සඳහන් කළා.
එමෙන්ම, අපද්‍රව්‍ය සහ කසළ යොමුකර තිබූ අදාළ දේශීය සමාගම ද මේවනවිට හදුනාගෙන ඇති බවත් දෙරටේම බලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවද රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ප්‍රකාශ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, ලොව ප්රමුඛ විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබූූ අතර එංගලන්ත පරිසර ඒජන්සිය උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කරන බවයි. ඒමෙන්ම, විධිමත් පරීක්ෂණයක් ආරම්භ කිරීම සදහා තවත් තොරතුරු ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා ඇති බවත් එම ඒජන්සියේ ප්‍රකාශකයෙකු සදහන් කර තිබුණි. නීතිවිරෝධී අපද්‍රව්‍ය අපනයනය මැඩපැවැත්වීම සදහා තවදුරටත් පියවර ගැනීමට මෙම සිද්ධියද පාදක කර ගන්නා බව එංගලන්ත පරිසර ඒජන්සිය වැඩිදුරටත් පවසනවා.
කලාපයේ තවත් රටවල් කිහිපයක් මෑතකදී විදෙස් රටවලින් මෙලෙසම එවා තිබූ අපද්‍රව්‍ය යළි භාරදීමට කටයුතු කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දක්වා තිබෙනවා. ඉකුත් ජනවාරි මාසයේදී මැලේසියාව විසින් මෙලෙසම එරටට එවා තිබූ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කන්ටේනර් 42 ක් යළි එංගලන්තයටම පිටත් කර හැරිමට කටයුතු කර ඇත.
සම්බන්ධිත පුවත්
