update at 9.48 PM
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කථානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙක් මේ වනවිට මෙම නව පක්ෂය සම්බන්ධයෙන් කරු ජයසූරිය සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
සිංහල බෞද්ධ නායකයකු ලෙසින් කීර්තියක් දිනා සිටින කරු ජයසූරිය කෙරෙහි ජනතා විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් එජාපයේ සහ වමේ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේද කැමැත්ත පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
කෙසේ වෙතත්, නිවේදනයක් නිකුත් කරමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් මෙම කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නමුත් හිටපු කථානායක කරු ජයසූරිය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.
sssss