කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වසංගතය පාලනය අතින් ලොව දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.
චීනයේ ‘යීකායි’ සමීක්ෂණ ආයතනය විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර තිබෙනවා. එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන්, ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කිසිඳු පක්ෂග්රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවයි.


රටවල් 108 ක් යොදාගෙන සිදුකර ඇති මෙම සමීක්ෂණයෙන්, කොවිඩ් සාර්ථක පාලනය කිරීමට සමත්වු ප්රමුඛ රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, ඝානා රාජ්‍යය, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, සහ කාම්බෝජය යි.
