විශේෂ මැණුම් උපකරණයක් සමග වෙළදපලේ විකිණීමට තබා ඇති පොල් වල ප්රමාණය මැන බැලීමේ ක්රියාවලියක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් ආරම්භ කොට ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.
ඉකුත් සිකුරාදා (25) දිනයේ දී පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, වෙළදපලේ විකිණීමට තබා ඇති පොල්වල ප්රමාණය මැන බැලීමට සියලුම දිස්ත්රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් පියවර ගන්නා බව එහි සභාපති විශ්රාමික මේජර් ජනරාල් D.M.S. දිසානායක සඳහන් කරයි.
පසුගිය සිකුරාදා (25) දින නිකුත් කළ නව ගැසට් නිවේදනය අනුව අගල් 13 ට වඩා වැඩි වට ප්රමාණයක් ඇති පොල් ගෙඩියක් රු.70කට ද, අගල් 12-13 අතර වට ප්රමාණය සහිත පොල් ගෙඩියක් රු. 65කට සහ අගල් 12 ට අඩු වට ප්රමාණය සහිත පොල් ගෙඩියක් රු. 60 කට විකිණීම සඳහා අවසර හිමිව තිබෙනවා.
සම්බන්ධිත පුවත්
