Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය ගැන සාකච්ඡාවක්

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂයේ ජාතික නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිසමට පැමිණ එහි නියෝජිතයින් සමග සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ.

ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සම්බන්ධයෙන් ඉදිරි සතියේ දී පිළිතුරක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී සදහන් කළ බව අපේ ජනබල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සදහන් කරයි. සිය පක්‍ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය සදහා නියෝජිතයෙකු නම් කිරීම දිගින් දිගටම කල්යාම මන්තී‍්‍ර ධුරය අහිමි කිරීමේ කුමන්ත‍්‍රණයක් විය හැකි බව උන්වහන්සේ එහිදී ප්‍රකාශ කළා.

එම පක්ෂයේ ලේකම් ලෙස තමන් කටයුතු කරන බැවින් අපේ ජනබල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධූරය තමන්ට ලබාදෙන ලෙස පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් ඉකුත් දා මැතිවරණ කොමිසමෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබුණා. අනතුරුව මැතිවරණ කොමිසම වෙත අපේ ජනබල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ලිපියක් යොමුකරමින් සඳහන් කළේ පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සිය පක්ෂයේ තාවකාලික ලේකම්වරයා ලෙස කටයුතු කළ හිමිනමක් බවයි. එබැවින් සිය පක්ෂයේ හිටපු මහ ලේකම් නිශාන්ත රත්නායක අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා ලෙස පිළිගන්නා ලෙස එම පක්ෂයේ සභාපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබුණා.

Giraya News Alerts

මතුව ඇති ගැටළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වනවිට නීතිපතිවරයාගෙන් උපදෙස් පතමින් ලිපියක් ද යොමුකර ඇති බව ද වාර්තා විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top