කුවේට්හි පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ලබන ඔක්තෝම්බර් මස 11 වන දින දක්වා වසා දැමෙන බව එම කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සේවකයින් තිදෙනෙකුට සහ සුරක්ෂා නිවාසයේ අර්ථලාභිනියන් 44 දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙලෙස තානාපති කාර්යාලය වසා දැමීමට සිදු වන බව එම නිවේදනයෙන් දැක්වේ.
තානාපති කාර්යාලය වසා දමා තිබෙන දින කිහිපය තුළ හදිසි සේවාවන් සඳයා slemb.kuwait@mfa.gov.lk යන විද්යුත් ලිපිනය හරහා සම්බන්ධ විය හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

