කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වු රුසියානු ජාතිකයා අද (26) දිනයේ දී ඔහුගේ මව් රටට පිටත් කර හැරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.
මෙම රුසියානු ජාතිකයා ප‍්‍රමුඛ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනෙකු ඉකුත් 13 වනදා ඉන්දියාවේ බැංගලෝර් සිට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ තිබූ අතර ඉන්දියාවේදී කළ PCR පරීක්ෂණවලදී ඔවුන් කොරෝනා ආසාදිත නොමැති බවට තහවුරු වී ඇත. පසුව, මෙරටින් පිටවීමට පෙර එම පිරිස සිදුකළ PCR පරීක්ෂණවලදි මෙම රුසියානු ජාතිකයාට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය විය.
නමුත් ඊයේ (25) දිනයේ දී හම්බන්තොට රෝහලේදී සිදු කළ අවසන් පී.සී.ආර්. පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.
සම්බන්ධිත පුවත්
- රුසියානු ජාතිකයාට කොවිඩ් වැළඳී නොමැති බවට තහවුරු වෙයි
- මාතර කොරෝනා ආසාදිත රුසියානුවා නිසා පුද්ගලයින් 100කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ
- මාතර හෝටලයක නිරෝධායනය වෙමින් සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා
