රාජ්ය සේවය විධිමත් හා කාර්යක්ෂම කළ හැක්කේ ජනාධිපතිවරයා සතියකට වතාවක් ආයතනවලට කඩා පැනීමෙන් නොවන බවත් එම ආයතනවල ගැටලු සඳහා විධිමත් විසඳුම් ලබා දීමෙන් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක පවසනවා.
අප රටේ කීර්තිමත් හා කාර්යක්ෂම රාජ්ය සේවාවක් පැවතුණු නමුත් අද රාජ්ය සේවය පිළිබඳ පොදු ජනතාවට ඇත්තේ යහපත් ආකල්පයක් නොවන බවත් ඔහු සඳහන් කරනවා. ඊට හේතුව ලෙස මන්ත්රීවරයා පෙන්වා දුන්නේ රාජ්ය සේවය මෙවැනි ආකාරයට පත්වීමට ප්රධාන හේතු දෙකක් පවතින අතර පළමුවැන්න බඳවා ගැනීම්, උසස් කිරීම් දේශපාලනීකරණය වීමත් දෙවැන්න රාජ්ය සේවය මුහුණ දෙන ගැටලුවලට විසඳුම් දීමට පැවැති හා පවතින ආණ්ඩු අසමත් වීමත් බවයි.
ඒ හේතුවෙන්, රාජ්ය සේවය දේශපාලනීකරණයෙන් මුදාලීම හා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් සෙවීම මේ මොහොතේ පටන් හෝ ආරම්භ කළහොත් රටේ රාජ්ය සේවාව ගැන යහපත් අපේක්ෂාවන් තැබිය හැකි බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
මන්ත්රීවරයා මේ බව පවසා තිබුණේ ‘ ඉරිදා මව්බිම’ පුවත්පතට තම අදහස් පළ කරමින් ය.
