යුක්රේන ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් -26 වර්ගයේ පුහුණු ගුවන් යානයක් කැඩෙට් නිලධාරීන් 27 දෙනෙකු සමඟ කඩා වැටී තිබෙනවා. මෙම ගුවන් යානය චුචුවී හමුදා කඳවුරේ ගුවන් පථයට ගොඩබෑමට නියමිතව තිබී ඇති අතර ඊට කිලෝමීටර් 02ක් ආසන්නයේදී මෙලෙස අනතුරට ලක්වී ඇත.
යානයේ සිටි පිරිස අතරින් තුවාල ලැබූ දෙදෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇති අතර තවත් තිදෙනෙකු සොයා මෙහෙයෙුම් ක්‍රියාත්මකව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය කඩා වැටිමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
