Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතිවිරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනා ගනියි

මහනුවර නගරයේ ඇති අවදානම් හා නිතී විරෝධී ඉදිකිරීම් පිළිබඳ සොයාබැලීමට ඉංජිනේරුවරුන් 21 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුව විසින් තමන් සිදුකරනු ලැබූ අධ්‍යයනයේ වාර්තාව මේ වන විට ලබා දී තිබෙනවා. ඒ අනුව, මහනුවර නගරයේ ඇති අවදානම් හා නීති විරෝධී ඉදිකිරීම් සියල්ල හඳුනාගෙන අවසන් වී ඇත.

අදාළ සියලු ඉදිකිරීම් සම්බන්ධයෙන් යළි පූර්ණ විමර්ශණයක් සිදු කිරීමටත් ඒවායේ ඇති අවදානම ඉවත් කිරීමට ගත හැකි පියවර ක්ෂණිකව අනුගමනය කිරීමටත් නියමිත බව වාර්තා වේ.

ඒ අනුව, එහි පළමු පියවර ලෙස අදාල ඉදිකිරීම් හිමි පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහය නොමිලේ ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සඳහන් කරයි. මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ සිදුවූ 5 මහල් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසන් වාර්තාව සඳුදා ලැබෙන බව ද ඔහු සඳහන් කළා.

Giraya News Alerts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ වැඩිදුරටත් පැවසුවේ කඩා වැටුණු අදාළ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී හා යළි සංවර්ධනය කිරීමේදී කිසියම් වංචනික ක‍්‍රියාවක් සිදුව ඇත්දැයි පුළුල් විමර්ශණ කි‍්‍රයාත්මක බවයි.

මහනුවර බූවැලිකඩ ප‍්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් පසුගියදා ගිලා බැසීම හේතුවෙන් ඒ අසල පිහිටි කුඩා හෝටලයක් මතට කඩා වැටීමෙන් එහි සිටි මාස එකහමාරක බිළිඳියකට, හා ඇයගේ මව්පියන්ට දිවි අහිමි විය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top