Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 12යි, සමස්තය 3345 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් දැනට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා ආසාදිතයින් ගණන 3345ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (25) දිනයේ දී ආසාදිතයින් 12 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලුදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වේ.

ඔවුන්ගෙන් හය දෙනෙකු කටාර් සිට ද, දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ද මෙරටට පැමිණි පුද්ගලයින් වේ. එමෙන්ම, ඇල්බේනියාවේ සිට පැමිණි එක් නාවිකයෙක් ද, යුක්රේනයේ සිට පැමිණි නාවිකයින් තිදෙනෙක් ද කොරෝනා වෛරසය ආසාදිත බවට ඊයේ දිනයේ දී තහවුරු වී ඇත.

එමෙන්ම, ඊයේ (25) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, වාර්තා වූ සමස්ත රෝගින් අතරින් 3158 දෙනෙකු ම සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 174කි. තවත් පුද්ගලයින් 36 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 13කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top